ඩී. ඇස්. ගෙන් පසුව ඩඩ්ලි අගමැති කරන්න
සෝල්බරි සාමි උත්සාහ දැරූ හැටි
මීට වසර 39 කට පෙර 1972 මැයි 22 වැනිදා ක්‍රියාවට නැංවුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවට පෙරාතුව, නිදහස ලැබුණු තැන් පටන්, වසර 24 ක් පුරා ක්‍රියාත්මක වූයේ සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවය. එම ව්‍යවස්‌ථාව සම්පාදනය කරන ලද්දේ සෝල්බරි සාමි ප්‍රධාන ඉංග්‍රීසි ජාතික ව්‍යවස්‌ථා සම්පාදක කොමිසමක් විසිනි.
සෝල්බරි ව්‍යවස්‌ථාව යටතේ මුලින්ම පත් කරන ලද අගමැතිවරයා ඩී. ඇස්. සේනානායක මහතා ය. සෝල්බරි සාමි 1950 දී අග්‍රාණ්‌ඩුකාර ධුරයට පත් වන විට අගමැතිවරයාව සිටියේ ද ඩී. ඇස් ය.
අසුන් පිට ගමන් කිරීමට ඩී. ඇස්. දැඩි කැමැත්තක් දැක්‌වූ අතර, නියමිත කාල වකවානුව ගෙවී යන තෙක් අගමැති පදවියේ රැඳී සිටින්න ඔහුට ඉඩක් නොලැබුණේ අසකු පිටින් වැටීමෙන් නොසිතූ අවස්‌ථාවක මිය යැම නිසා ය.
ඒ වන විට ඩී. ඇස් ගේ කැබිනට්‌ටුවේ ඇමැතිවරයකුව සිටි ඩඩ්ලි සේනානායක මහතා තමන්ගෙන් පසුව අගමැති පදවියට පත් කරන්නැයි සෝල්බරි සාමිගෙන් අගමැති ඩී. ඇස්. ඉල්ලීමක් කොට තිබී ද ඇත. හදිසි අනතුරකට ලක්‌ව හෙතෙම අකාලයේ මිය යැමෙන් අනතුරුව ඔහුගේ එම ඉල්ලීම අනුව ක්‍රියා කරන්න සෝල්බරි සාමිට සිදු වූ නමුත් තනිවම එම ඉල්ලීම ඉටු කිරීම, ඔහුට ප්‍රශ්නයක් ව පැවැති සෙයකි. ඒ වන විට ඇමැතිවරයකුව සිටි සර් ජෝන් කොතලාවල මහතා ද අගමැති ධුරයට පත් කරන්න සුදුසු කෙනෙකුව සිටීම, ඊට හේතුවය. එම නිසා ඩඩ්ලිට අගමැති පදවිය පිරිනමන්න යම් යම් අයගේ සහයෝගය ලබා ගන්න සෝල්බරි සාමිට සිදුව ඇත.
අගමැති ඩී. ඇස්. අවසන් හුස්‌ම හෙළීමට පෙර මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සෝල්බරි සාමි කෙනකුට ප්‍රකාශ කර තිබීද ඇති අතර, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වූ එස්‌මන්ඩ් වික්‍රමසිංහ මහතා ඔහුය.
ලේක්‌හවුසියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වශයෙන් කලක් කටයුතු කළේ ද එස්‌මන්ඩ් ය.
අගමැති ධුරයට ඩඩ්ලි පත්කර ගැනීම සඳහා ලේක්‌හවුස් පුවත්පත්වල රුකුල ලබා ගැනීම පිණිස සෝල්බරි සාමිට ඔහුගේ සහාය අවශ්‍යව ඇත.
වික්‍රමසිංහ මහතා විවාහව සිටියේ ලේක්‌හවුසියේ නිර්මාතෘවරයා වූ ඩී. ආර්. විජයවර්ධන මහතාගේ වැඩිමල් දියණිය වූ නාලිනී වික්‍රමසිංහ මහත්මිය සමගය.
සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය සැකසීම සඳහා වූ සර් ෆ්‍රෙඩ්රික් රීස් හා සර් ෆ්‍රෙඩ්රික් බරෝස් යන කොමසාරිස්‌වරුන් දෙදෙනා ද සමඟ සෝල්බරි සාමි ලංකාවට පැමිණ සිටි වකවානුවේ දිනක් විජයවර්ධන මහතා ඔවුන් තිදෙනා දියතලාවේ සිය නිවාඩු නිවස්‌නය වන "ආකේඩියා" බංගලාවට කැඳවා ගෙන වුත් කොමිසමේ කටයුතු ගැන සාකච්ඡාවක් ද පවත්වා ඇත.
මේ අතර සෝල්බරි සාමිගෙන් ඩී. ඇස්. කර තිබුණු ඉල්ලීමට අනුව, අගමැති පදවියට ඩඩ්ලි පත් කර ගන්න, එක්‌සත් ජාතික පක්‍ෂයේ සහාය ලබා ගැනීමේ අරමුණින් එම රජයේ මුදල් ඇමැතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන මහතා ක්‍රියා කර ඇත්තේ වෙන විධියකිනි. තමන්ගේ සහාය ඩඩ්ලිට ලබා දෙන බවට එජාප මන්ත්‍රීවරුන්ගෙන් ලිපියකට අත්සන් කරවාගෙන ඇති ඡේ. ආර්. එම ලිපිය සෝල්බරි සාමි අතට ද පත් කළ බවත්, එස්‌මන්ඩ් එම ලිපිය ජනමාධ්‍යවලින් ප්‍රචාරය කළ බවත් දැන ගන්නට ඇත.
අගමැතිකමට පත්වන්න සර් ජෝන්ට ද හොඳ ඉඩ ප්‍රස්‌ථාවක් තිබුණු නිසා ඔහු ද ඒ සඳහා දැඩි ප්‍රයත්නයක් දැරූ සෙයකි. ඩඩ්ලිට වැඩි වාසියක් අත්වන වගක් පෙනුණු හෙයින් පසුව ඔහු එම සටන අතහැර දමා ඇත. ලංකාවේ දෙවැනි අගමැතිවරයා වශවෙන් ඩඩ්ලි පත් වූයේ ඒ අනුවය. තෙවැනි අගමැතිවරයා වූයේ සර් ජෝන් ය.
මේ කතාවට සම්බන්ධ ඩී. ඇස්., ඩඩ්ලි, සර් ජෝන්, ඡේ. ආර්., එස්‌මන්ඩ්, රනිල් යනාදීන් සියලුම දෙනාම එකම පවුලකට සම්බන්ධයක් ඇති ඥාතීන්ය. බණ්‌ඩාරනායක පවුල ද ඔවුන් හා සමග පසුව ඥති සබඳතාවක් ඇති කර ගත්තේය. ඒ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කලින් බලයේ සිටි නායක නායිකාවන් 11 දෙනාගෙන් අටදෙනකුම ඥති සම්බන්ධනා සහිත අය වූ බව කිව හැකිය. දශක පහකට අධික කාලයක් තිස්‌සේ රටේ පාලනය පැවැතියේ ඔවුන් අතේය.
නිදහස දිනා ගැනීම සඳහා ඩී. ඇස්. ඇප කැපව ක්‍රියා කළ අතර, ජාතියේ පියා හැටියට හෙතෙම සලකනු ලබන්නේ ඒ නිසාය. පෙර රජ දවස පැවැති වාරි ශිෂ්ටාචාරයට යළි පණ පෙවීම සඳහා ඔහු දැඩි පරිශ්‍රමයක් දැරූ වග නොකිව මනාය. ගොවි ජනපද ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ ද ඩී. ඇස් ය.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ඩඩ්ලි නිරතුරුව ඇප කැප වූ අතර හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියක් බඳු දේශපාලනඥයකු විය. ගොවිතැන් කටයුතුවලට දැඩි ඇල්මක් දැක් වූ හෙතෙම වප් මඟුල් උත්සව ද සංවිධානය කළේය. විටෙක කුඹුරුවලට බැස ගොයම් ද කැපුවේය.
සර් ජෝන්ට, කොමියුනිස්‌ට් වාදය ද ඇතුළු මාක්‌ස්‌වාදය අරහං විය. එම දේශපාලන න්‍යාය ධර්මය හෙළා දකින්නට ද උත්සාහ දැරීය.
එහෙත් ඔහු පර සුද්දන් ඉදිරියේ කොන්ද නමන්න කිසිවිටෙක කැමැත්තක් දැක්‌වූයේ නැත.
සර් ජෝන් තමන්ගේ දේපළ රජයට පවරා දුන් අතර සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙන්නේ, ඔහු පදිංචිව සිටි රත්මලානේ, කඳවල වලව් භූමියේය. එම ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම මත පිහිටුවන ලද්දකි. සර් ජෝන් බලයේ සිටියදී, ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය ක්‍රියාත්මකව පැවතුණා නම්, ජනාධිපති මහින්ද කොටින්ට උගැන්වූ පාඩම, කල්තබාම ඔවුන් ඉගෙන ගන්නවාට සැකයක් නැත.
ධනපතියන් සතුව පැවැති කොළඹ වරායත්, බස් කොම්පැණිත් ජනසතු කළේද, කටුනායක හා ත්‍රිකුණාමලේ බ්‍රිතාන්‍ය කඳවුරු රජයට පවරා ගත්තේ ද බණ්‌ඩාරනායක මහතාය. පොදු ජන යුගයේ නිර්මාතෘවරයා වූ හෙතෙම ජනසතු ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ද විය.
බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් සහමුලින් ම නැතිකර දමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවන ලද්දේ බණ්‌ඩාරනායක මැතිනිය විසිනි.
මිෂනාරි ආගම් පැතිර වූ මිෂනාරි පාසල් රජයට පවරා ගැනුණේත්, අපට අයත්ව නොතිබුණු කච්චතිව් දූපත අපට අයත් කර ගැනුණේත්, ඉඩම් අයිතිය අක්‌කර 50 ට සීමා කෙරුණේත් ඛනිජ තෙල් සංස්‌ථාව වැනි සංස්‌ථා ගණනාවක් ආරම්භ කෙරුණේත් යාපනය විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණේත් මැතිනියගේ පාලන කාල වකවානුව තුළදී ය.
විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කිරීම, කෝට්‌ටේ ශ්‍රී ජයවර්ධනපුර අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටුවීම, මහවැලි ව්‍යාපාරය කඩිනම් කිරීම, ආර්ථිකයේ ප්‍රවර්ධනය උදෙසා, නිදහස් වෙළෙඳ කලාප පිහිටුවීම යනාදිය ඡේ. ආර්.ගේ පාලන කාලය තුළ සිදු වූ කටයුතුය.
තරුණ පරපුරේ අභිවෘද්ධිය උදෙසා ජාතික තරුණ සේවා සභාව පිහිටුවන ලද්දේ රනිල් විසිනි.
උතුර - නැගෙනහිර දෙපළාතේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමට මං පෙත විවර වන පරිද්දෙන් කොටි නායක ප්‍රභාකරන් හා සමඟ හෙතෙම 2002 මුලදී ගිවිසුමක් අත්සන් කිරීම ඔහු අතින් සිදු වූ බලගතු අත්වැරැද්ද යෑයි කිව හැකිය. එම ගිවිසුම අනුව ක්‍රියා කෙරුණා නම් මේ වන විට ලංකාව දෙකඩව ගොස් තිබෙන්නට හොඳටම ඉඩකඩ තිබිණි.
චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පළාත් සභා ක්‍රමය යටතේ පත් වූ ප්‍රථම මහ ඇමැතිනිය (බස්‌නාහිර පළාත) වූ අතර, දෙවනුව ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය බවට පත් වූයේ ද චJද්‍රිකාය.
ම්ලේච්ඡ කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවලට ප්‍රතිකර්මයක් වශයෙන් කලාපීය ස්‌වතන්ත්‍ර පාලන ක්‍රමයක් ඇති කිරීමේ අරමුණ ඇතිව, බලය බෙදා හැරීමට ඉඩ කඩ සැලසෙන ව්‍යවස්‌ථාවක් ඇය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ සමහර එජාප මන්ත්‍රීවරු එහි පිටපත් ඉරා දැමූහ. සමහරු ඒවා ගුලි කොට ඒ මේ අත දමා ගැසූහ. එක් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සභා ගැබ තුළදී තම පිටපතට ගිනි ද තබා පෙන්වීය.
ඡේ. ආර්. ගේ පාලන කාලයේදී ගිනි තබා, විනාශ කෙරුණු යාපනය පුස්‌තකාලය නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලද්දේ ද චJද්‍රිකාගේ පාලන කාලය තුළදී ය.
ඩඩ්ලි මහත්මා දේශපාලනයේ පූර්වාදර්ශයකි. මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියා හැටියට සැලකෙන පිලිප් ගුණවර්ධන මහතා පවා වරෙක ඔහුගේ කැබිනෙට්‌ටුවේ සාමාජිකයකුව සිටීමෙන් ම එය පැහැදිලිය. බණ්‌ඩාරනායක පිලිප් වැනි ප්‍රගතිශීලීන් එක්‌ව, මහජන එක්‌සත් පෙරමුණ පිහිටුවා ගෙන, 1956 මැතිවරණයට තරග කරද්දී, ඩඩ්ලිගේ ඥාති සොයුරු ආර්. ජී. සේනානායක මහතා ඡේ. ආර්. හා සමඟ කැලණිය අසුනට තරග කරන විට ආර්. ජී. ට රුකුල් දෙන්න ඩඩ්ලි කැලණියේ ආර්. ජී.ගේ ප්‍රචාරක රැස්‌වීම්වලට ද සහභාගි විය.
තෙවතාවක් ම (1952, 1960 හා 1965) අගමැති පදවියට පත්වීමෙන් ඩඩ්ලි කෙරෙහි පැවැති මහජන ප්‍රසාදය ගැන සිතා ගත හැකිය.
kuveni කුවේණි
8 years ago
0 comments:
Post a Comment