විධායකය
(1) . ජනාධිපතිවරයා .
*ජනාධිපතිවරයා තෝරා ගන්නා ආකාරය*
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තෝරා ගන්නේ ජනාධිපතිවරණයක් මගිනි . මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා පවත්වන ජනාධිපතිවරණයකදී ජනතාව විසින් තම මනාපයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනී.(94 වගන්තිය )
ජනාධිපතිධුරයට තෝරා පත්කර ගැනීමට යම් අපේක්ෂකයෙක් සම්පුර්ණ කලයුතු සුදුසුකම් මොනවාද ?
(01) . වයස අවු :30 සම්පුර්ණ කල අයෙකු වීම .
(02) . දෙවරක් ජනාධිපති වූ අයෙකු නොවීම
(මෙය 18 වන සංශෝධනය මගින් ඉවත් කරන ලදී )
(03) . දෝෂාභියෝගයකින් ඉවත් කල අයෙකු නොවීම .
(04) . පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට සුදුසු
පුද්ගලයෙකු වීම.
ඉහත සදුසුකම් සම්පුර්ණ කළ පුද්ගලයෙකුගේ නමක් යෝජනා කළ හැකි ක්‍රම 2කි .
(1) . පිළිගත් දේ .පක්ෂයකින්
(2) . ස්වාධීනව ,
ස්වාධීනව ඉදිරිපත්වන්නේ නම් එම පුද්ගලයා සම්පුර්ණ කළ යුතු තවත් සුදුසුකමක් වේ .
එනම් ඔහු ,
* පාර්ලිමේන්තුවේ සිටි හෝ සිටින මන්ත්‍රී වරයෙක් විය යුතුය .
ජනාධිපති ලෙස තේරීපත් වන පුද්ගලයා දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50 % ක් ලබා ගත යුතුය. සාමාන්‍යයෙන් අපේක්ෂකයන් 2ක් පමණක් ඉදිරිපත්ව ඇති විට වැඩිම ඡන්ද ලැබූ පුද්ගලයා ජනාධිපති ලෙස තෝරාගැනීම සරලව සිදුවේ .නමුත් 2ට වැඩි නම් මැතිවරණය තරමක් සංකීර්ණ වේ .එවිට ජනාධිපති ලෙස පත්වීමට, ඔවුන් ලබා ඇති වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50 % කට නොඅඩු ඡන්ද ලබා ගැනීමේ අවශ්‍යතාව සහතික කර ගැනීම සඳහා එක්තරා මනාප ක්‍රමයක් අනුගමනය කරයි .එනම් අපේක්ෂකයන් තිදෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වී ඇති විටක ඡන්දදායකයින්ට පළමුවන හා දෙවන මානාපයද අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති විටක ඡන්දදායකයින්ට පළමු,දෙවන හා තෙවන මනාපයද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ .
ජනාධිපතිවරණයට කිහිප දෙනෙක් තරඟ කරන විට ප්‍රථමයෙන් පළමු මනාප ගණන් කරන අතර එහිදී යම් අයෙක් 50% සම්පුර්ණ කරයි නම ඔහු ජනාධිපති ලෙස තෝරාපත්කර ගත්තා යැයි ප්‍රකාශයට පත් කරයි.
නමුත් එකදු අයෙක්වත් 50% ලබා නොගත් විට 50% සම්පුර්ණ කර ගැනීම සඳහා 2 වන මනාප ගණනය කිරීම සිදුවේ .
මෙහිදී ,
(1) . වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයන් දෙදෙනා ඉතුරු කර අනෙක් අය තරඟයෙන් ඉවත් කරයි .
(2) . තරඟයෙන් ඉවත් කළ අයගේ ඡන්ද පත්‍රිකා වල දෙවන මනාප තරඟ කරන අයට වේ නම් ඒවා ඔවුනට ලබා දුන් ඡන්ද සේ සලකයි .එවිට යම් අයෙක් 50%ක් සම්පුර්ණ කරයි නම් ඔහුව තෝරාගත් ජානාධිපති ලෙස ප්‍රකාශයට පත් කරයි .
2 වන මනාප ගණන් කිරීමෙන් පසුවද එකම අපේක්ෂකයෙකුට වත් 50% නොලැබුණි නම් , 3 වන මනාප ගණන් කිරීමට සිදුවේ .මෙහිදී තරඟයෙන් ඉවත් කළ අයගේ ඡන්ද පත්‍රිකා වල 3 වන මනාප තරඟ කරන අයට ඇත් දැයි සලකා බලයි .අනතුරුව වැඩිම ඡන්ද ලබා ගත් පුද්ගලයා ජනාධිපති ලෙස තෝරා පත් කරගත්තා යැයි ප්‍රකාශයට පත් කරයි .අපේක්ෂකයන් 2ක් සමානව ඡන්ද ලබාගත් අවස්ථාවක, කුසපත් ඇදීම මගින් තෝරා ගන්න අපේක්ෂකයාට එක් ඡන්දයක් එකතු කර ඔහුව තොර ගත් පත් කර ගත් ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කරයි .
ශ්‍රී ලංකාවේ දැනට පැවති සියලු ජනාධිපතිවරණ, පළමු වර මනාප ගණනනය කිරීමේදීම ජනාධිපතිවරයා තෝරා පත් කර ගත්තා යැයි ප්‍රකාශයට පත් කරනු ලැබීය .
0 comments:
Post a Comment