ඔයාල හැමෝම
දන්නා දෙයක් තමයි උසස් පෙළ දේ.වී විෂය නිර්දේශයට අලුතින්ම එකතු වුන රට
ස්විට්සර්ලන්තය කියල .ඉතින් මම හිතුව ඔයාලට පොඩි සප් එකක් දෙන්න. ඔන්න
යාලුවනේ අපි ඉගෙන ගන්න හදන්නේ ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය ගැන .මේ ආණ්ඩු
ක්‍රමය ටිකක් අමුතුම ආණ්ඩු ක්‍රමයක් කිව්වොත් හරි .මොනවා වුනත් අපි මේවා
දැනගෙන ඉන්න එක නුවනට හුරුයි නේද ?..
හැඳින්වීම
1.ලිබරල් ප්රජාතන්ත්රවාදී න්‍යාය මත පදනම් වූ ආණ්ඩු ක්‍රමයක් වීම .
ලෝකයේ ප්රජාතන්ත්රවාදී රාජ්‍යන් අතුරින් වැඩිම ප්රජාතන්ත්ර වාදී රාජ්‍ය ලෙස සලකන්නේ ස්විට්සර්ලන්තයයි .විශේෂයෙන් එරට ප්‍රාරම්භනය ක්‍රියාත්මක වීම නිසා ජනතා බලය විශාල ලෙස ඉස්මතු වී තිබේ .
2.සාමුහික විධායකයක් පැවතීම .
ස්විට්සර්ලන්තයේ විධායකය ලිබරල් ප්රජාතන්ත්රවාදී හෝ සමාජවාදී රාජ්‍ය වල දකින්නට නොලැබෙන ආකාරයේ විධායකයකි .එය විධායක මණ්ඩලයක් සහිත සුවිශේෂී ක්රමයකි .
3.සන්ධීය ආණ්ඩු ක්‍රමයක් වීම .
එරට ප්‍රාන්ත "කැන්ටන් "ලෙස හඳුන්වන අතර ,ප්‍රාන්ත 26 කින් සමන්විත සන්ධීය රාජයකි .අර්ධ කැන්ටන් 6 ක් ද ක්‍රියාත්මක වේ .
4.අනම්‍ය ආණ්ඩු ක්‍රමයක් වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සංශෝධනය කල හැකිය .එය කල හැකි ආකාර 2කි .
(1).සංධීය සභාව එනම් ,ව්‍යවස්ථාදායකය විසින් කරන යෝජනාවක් අනුව .
(2).ඡන්ද දාකයකයන් 100000 ක් විසින් සම්මත කරන ප්රාරම්භන යෝජනාවක් අනුව සන්ධීය සභාව අනුමත කිරීමෙන් පසුව ජනතාව විසින් ජනමත විචාරනයකින් අනතුරුව ප්රාන්තයන් විසින්ද අනුමත කල යුතු වේ .
5.ලිඛිත ආණ්ඩු ක්‍රමයක් වීම .
වර්තමාන ස්විස් ව්‍යවස්ථාවේ ආරම්භය 1848 දී පනවන ලද ව්‍යවස්ථාවයි .1874 දී යලි සංශෝදනය කරන ලදී 1998.12.18 දින නව ව්‍යවස්ථාවක් සම්මත කරන ලදී .1999.04 .18 දින ජනමත විචාරනයකදී අනුමත කරන ලදී .මේ ව්‍යවස්ථාව 2000 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලදී .2000 ව්‍යවස්ථාව පරිච්ඡේද 6කින් සහ වගන්ති 197කින් සමන්විත වේ .
keep it up
ReplyDelete