(1) . ලිබරල් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රමයක් වීම .
(2) . මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වීම (කැබිනට් + ජනාධිපති ලක්ෂණ ).
(3) . ඒකීය ආණ්ඩුක්‍රමයක් වීම .
(4) . ලිඛිත ආණ්ඩුක්‍රමයක් වීම .
(5) . අනම්‍ය ආණ්ඩුක්‍රමයක් වීම
(2) . මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වීම (කැබිනට් + ජනාධිපති ලක්ෂණ ).
(3) . ඒකීය ආණ්ඩුක්‍රමයක් වීම .
(4) . ලිඛිත ආණ්ඩුක්‍රමයක් වීම .
(5) . අනම්‍ය ආණ්ඩුක්‍රමයක් වීම
ත්‍රිවිධ බල ආයතන
(1) . ව්‍යවස්ථාදායකය :- පාර්ලිමේන්තුව
(2) . විධායකය :- කොටස් 2කි
(1).ජනාධිපති
(2).අගමැති හා අමාත්‍ය මණ්ඩලය
(3) . අධිකරණය :- ශ්‍රේෂ්ඨාධිකරණය ප්රමුඛ අධිකරණ ආයතන
පාර්ලිමේන්තුව
* හැඳින්වීම
1978 ව්‍යවස්ථාව යටතේ පිහිටවූ ව්‍යවස්ථාදායක ආයතනය පාර්ලිමේන්තුව විය .
මෙහි සම්පුර්ණ සාමාජික සංඛ්‍යාව 225ක් වන අතර , එය ව්‍යවස්ථාවේ සඳහන් නිශ්චිත සංඛ්‍යාවක් වේ. මෙයින් 196ක් මැතිවරණ කොට්ඨාශ පදනම් කරගෙන ජනතාව විසින් තෝරා පත් කරන අතර ,
29ක් ජාතික ලැයිස්තුවෙන් පත්වේ .මේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6කි .
* කාර්ය හා බලතල
1978 පාර්ලිමේන්තුව සතු කාර්ය බලතල සැලකිල්ලට ගත් විට
(1) .නීති සම්පාදනය
එනම් මුදල් නීති හා සාමාන්‍ය නීති යනුවෙනි .
(2) .විධායකය වන කැබිනට් මණ්ඩලයේ ,අගමැති හා
අමාත්‍ය මණ්ඩලය පාලනය කිරීම .
(විධායකයට ජනාධිපතිද අයත් වුවද පාර්ලිමේන්තුවට වගකීම අනවශ්‍ය
බව පෙනේ ,එනම් ව්‍යවස්ථාවේ 42 වන වගන්තියේ ජනාධිපති
පාර්ලිමේන්තුවට වගකිව යුතු බව දක්වා තිබුනද ,පාර්ලිමේන්තුව තුළ සම්මත
කරන සාමාන්‍ය විශ්වාසභංග යෝජනාවක් මගින් ජනාධිපති ඉවත්කළ
නොහැක .නමුත් අගමැති හා අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ හැක .මේ අනුව
අගමැති හා අමාත්‍ය මණ්ඩලය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට හැකිය .
(3) . මුදල් පාලනය කිරීම .
ආණ්ඩුවේ කටයුතු වලට අවශ්‍ය කරන මුදල් ව්‍යවස්ථාදායකයේ අනුමැතියට
ලක්විය යුතුය . ඒ අනුව අනුමැතිය දීම හා නොදීම මගින් මුදල් පාලනයට
පාර්ලිමේන්තුවට හැකිය .
****මතුසම්බන්ධයි ****
0 comments:
Post a Comment