Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, 5 June 2013

සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ අධිකරණ විවරණ බලය

වර්ෂ 1796 දී ඉංග්‍රීසීන්ගේ පැමිණීමෙන් පසු ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ ආණ්‌ඩු කරන්නට යෙදුණි. වර්ෂ 1815 දී උඩරට රාජධානිය අල්ලා ගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයන් විසින් මේ මුළු දිවයිනම යටත් විජිත රාජාණ්‌ඩුවක්‌ව පැවතුණේය. 1829 පත්කරන ලද රාජකීය කොමිෂන් සභාව මගින් ඇති කරනු ලැබූ කෝල්බෲක්‌ ගේ නිර්දේශ අනුව ව්‍යවස්‌ථාදායක සහ විධායක මණ්‌ඩල සහිත 1833 ආණ්‌ඩුක්‍රමය වර්ෂය 1910 පමණ වන තෙක්‌ බෙහෝදුරට නොවෙනස්‌ව පැවතුණේය. වර්ෂ 1920 සහ 1923 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවලින් කරන ලද සංශෝධනවලින් පසුව වර්ෂ 1931 දී ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය ඇතිකරන ලදී. ඉන්පසු වෙස්‌මිනිස්‌ටර් ලක්‍ෂණ රැගත් නිදහස්‌ ලංකා ආණ්‌ඩු ක්‍රමය හෙවත් සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඇතිකරන ලදී. මෙම ව්‍යවස්‌ථාවේ මූලික වශයෙන් අන්තර්ගත වූයේ 1947 දී සංශෝධිත 1946 ලංකා රාජාඥාවේ සහ 1947 ලංකා ස්‌වාධීනතා පනතේය.

"වෙස්‌මිනිස්‌ටර් ආකෘති" ආණ්‌ඩුක්‍රමයක දක්‌නට ලැබෙන ප්‍රධාන ලක්‍ෂණ මෙසේය(

01. ජනතා නියෝජිතයන්ගෙන් සෑදුනු ව්‍යවස්‌ථාදායකයක්‌ පැවතීම.

02. විධායකයේ, එනම් අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයන් ව්‍යවස්‌ථාදායකයේ සාමාජිකයන් වීම.

03. රාජ්‍ය නායකයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්‌ මත ක්‍රියා කරන නාම මාත්‍ර විධායකයකු වීම.

04. අධිකරණ නිලධාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ස්‌වාධීනත්වය රැකගැනීම සඳහා විශේෂ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාමය ප්‍රතිපාදන සලසා තිබීම.

05. නිදහස්‌ මැතිවරණ නිසි කාලයට පවත්වා ව්‍යවස්‌ථාදායකයේ මහජන නියෝජිත භාවය සාක්‌ෂාත් කිරීම.

06. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ අරමුණින් නීතියේ බලය පවත්වාගෙන යැම.

වර්ෂ 1889 උසාවි ආඥා පනත යටතේ පැවතීගෙන ආ උසාවි ක්‍රමයේ කිසියම් වෙනසක්‌ කිරීම සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සිදු නොවීය. අධිකරණය ගැන කරුණු සඳහන් වූ සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඪෂ කොටසේ විධිවිධාන සලසා තිබුණේ පහත දැක්‌වෙන ආකාරයටය.

52 වන වගන්තිය යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හා අග්‍ර විනිශ්චයකාරතුමාද අධිකරණ කොමසාරිස්‌වරුන්ද පත්කිරීම, පහකිරීම විශ්‍රාම යැම, වේතනය නියම කිරීම සහ නිල කාලය පිළිබඳව සඳහන් විය.

53 වන වගන්තිය යටතේ, අධිකරණ සේවා කොමිසම සහ එහි සාමාජිකයන් පිළිබඳවත් ඔවුන් පත්කිරීම පිළිබඳවත් ඒ සඳහා පත් නොකළ යුතු සාමාජිකයන් පිළිබඳවත් ඔවුන්ගේ නිල කාලය පිළිබඳවත් සඳහන් විය.

54 වන වගන්තිය යටතේ, අධිකරණ සේවා කොමිසම මගින් පත්කරන ලද ලේකම්වරයෙක්‌ සිටිය යුතු බව සඳහන් විය.

55 වන වගන්තිය යටතේ, අනෙකුත් අධිකරණ නිල වලට කරනු ලබන පත්කිරීම්, මාරුකිරීම් සහ පහකිරීම් පිළිබඳව කොමිසම වෙත ඇති බලය පැවරීම සඳහන් විය.

56 වන වගන්තියෙන් අධිකරණ සේවා කොමිසම කෙරෙහි බලපෑම සඳහන් වේ.

අධිකරණ විවරණ බලය ගෙනහැර බැලූ කල ඇමෙරිකානු අණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශිත විධානයක්‌ සලසා තිබුණේ නැත. කෙසේ වුවද මෙබඳු විමර්ශන බලයක්‌ අධිකරණය සතු වන බව ඉහත පළමුවන පරිච්ඡේදයේ සඳහන් කරන ලද මාබෙර එ. මැඩ්සන් නමැති ශ්‍රේෂ්ඨ විනිශ්චයක නිගමනයෙන් පසු අකලංකව පිළිගැනේ.

සොල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේද ඇමෙරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මෙන්ම අධිකරණ විමර්ශන බලය ප්‍රකාශිතව අධිකරණයට පවරා දී නොතිබුණද ව්‍යංගයෙන් එම බලය අධිකරණය සතු බැව් අධිකරණය හමුවට පැමිණි නඩු තීන්දුවලදී පිළිගෙන තිබේ. මෙම නඩු තීන්දුවල ඉදිරිපත් කරනු ලැබූ තර්ක අනුව සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ අධිකරණ බලය අධිකරණාංශයට පමණක්‌ පවරා තිබීම නිසා විධායකය හෝ ව්‍යවස්‌ථාදායකය මගින් එම අධිකරණ බලය පාවිච්චි කිරීම සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බැව් පෙන්වා දී ඇත. ඉහත සඳහන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ අධිකරණය හමුවට පැමිණි නඩුවක්‌ වන සේනාධීර ඒ. අල්විස්‌ කොමසාරිස්‌ නම් 1961 දී තින්දු වූ නඩුවේදී සන්සොනි විනිශ්චයකාරවරයා පැවසූ පරිදි රටේ සාමාන්‍ය උසාවි පමණක්‌ අධිකරණ නිලධාරීන් ලෙස සලකන්නේ නම් එම උසාවි සතු බලතලවලට අනුරූපී බලතල හෝ ඊටත් වඩා වැඩි බලතල සහිත ආයතන පිහිටුවා ඒවායේ නිලධාරීන් අලුත් ක්‍රමයකට පත්කිරීමේ ඉඩ පාර්ලිමේන්තුවට පවරා දීමක්‌ සිදුවන්නේය. කිසියම් පර්ෂදයක්‌ උසාවියක්‌ද කිසියම් නිලධාරියෙක්‌ අධිකරණ නිලධාරියෙක්‌ද යන්න තීරණය කළ යුත්තේ එම පර්ෂදයේ හෝ නිලධාරියාගේ තනතුරු නාමය දෙස බැලීමෙන් නොව ඔවුන් විසින් පාවිච්චි කරනු ලබන බලතලවල සත්‍ය ස්‌වරූපය දෙස බැලීමෙන්ය.

අල්ලස්‌ කොමසාරිස්‌ ඒ. රණසිංහ නඩුවේදී පියර්ස්‌ සාමිවරයා ප්‍රකාශ කළ පරිදි අලුතින් නිර්මාණය කරන පර්ෂදවලට තමන් කැමති ආකාරයේ නිලධාරීන් පත්කරන්නට පාර්ලිමේන්තුවට ඉඩ දුන්නහොත් සාමාන්‍ය උසාවි සතු අධිකරණ බලය ඒවාට ක්‍රම ක්‍රමයෙන් පවරා දී 55 වන වගන්තිය අර්ථ ශුන්‍ය කරන්නට මඟපෑදෙනු ඇත.

අල්ලස්‌ ගැනීම වැළැක්‌වීමේ ඒවා සඳහා දඬුවම් පැමිණවීමේ අරමුණින් 1954 අංක. 11 දරන අල්ලස්‌ පනත පනවන ලදී. 1958 අංක. 40 දරන අල්ලස්‌ සංශෝධන පනත මගින් මුල් පනත වැදගත් ලෙස වෙනස්‌ විය. අල්ලස්‌ පැමිණිලි විභාග කිරීම පිණිසද, නඩු පැවරිය යුතු තැනැත්තන්ට විරුද්ධව කටයුතු කිරීම පිණිසද, අල්ලස්‌ කොමසාරිස්‌ නම් ධුරය මේ පනතින් පසු ඇතිකරන ලදී. අල්ලස්‌ පනතේ දෙවන කොටසේ සඳහන් ආකාරයේ අල්ලස්‌ වර්ග සිදුකර ඇති ඕනෑම තැනැත්තෙකුට විරුද්ධව අල්ලස්‌ උසාවියක්‌ ඉදිරියේ නඩු පැවරීම අල්ලස්‌ කොමසාරිස්‌ වරයාගේ යුතුකම විය. අවශ්‍ය වූ විටෙක අල්ලස්‌ උසාවිවල වැඩකටයුතු කිරීම පිණිස පහලොස්‌ දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් සෑදුණු මණ්‌ඩලයක්‌ පත්කිරීමේ බලය අග්‍රාණ්‌ඩුකාරවරයාට පවරා දෙන ලදී.

අවුරුදු හතකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ රුපියල් පන්දහසකට නොවැඩි දඩයක්‌ හෝ මේ දඬුවම් දෙකම නියම කිරීමට අල්ලස්‌ උසාවියකට බලය ලැබිණි. අල්ලස්‌ උසාවියේ සභාපතිවරයා විසින් පළාතේ පිස්‌කල්වරයා වෙත සහ බන්ධනාගාර අධිකාරීවරයා වෙත යොමු කරන නියෝග මත මෙවැනි සිරදඬුවම් උසාවියක නියෝගයක්‌ සේ ක්‍රියාත්මක කරන ලදී. අල්ලස්‌ උසාවියකින් නියම කරන දඩයක්‌ නීතිපතිවරයා දිසා අධිකරණයට ඉල්ලීමක්‌ මගින් අයකර ගත හැකිවිය. අල්ලස්‌ උසාවියකට අපහාස කරන ලද තැනැත්තන්ට දඬුවම් පැමිණවීමේ බලය අල්ලස්‌ උසාවිවලට පවරා දී තිබිණි. අල්ලස්‌ උසාවියකින් දෙනු ලැබූ දෝෂ නිශ්චය තීන්දුවකට විරුද්ධව නීති කරුණක්‌ හෝ සිද්ධිමය කරුණක්‌ උඩ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකි විය. විභාගයක්‌ පවත්වා දඬුවම් පැමිණවීමේ බලයක්‌ අල්ලස්‌ උසාවි සතු නොවන බව මෙසේ කරන ලද අභියාචනා වලදී තර්ක කර සිටින ලදී.

සේනාධීර ඒ. අල්ලස්‌ කොමසාරිස්‌ නඩුවේදී සන්සෝනි විනිශ්චයකාරවරයා විසින් ටොරොන්ටෝ ඒ. යෝර්ක්‌ කෝපරේෂන්, ඕස්‌ටේ්‍රලියාවේ නීතිපති එ රැජින සහ ඕස්‌ටේ්‍රලියන් ජල කම්කරු සංගමය ඒ. ඇලෙක්‌සැන්ඩර් යන නඩු තීන්දු ආශ්‍රයෙන් පහත සඳහන් නිගමනයන්ට එළඹුනේය.

අධිකරණ බලය පාවිච්චි කිරීමේදී සිදුවනුයේ නඩුව පැවරුණු විටදී පාර්ශ්වකරුවන් සතුව තිබුණාවූ අයිතිවාසිකම් හෝ යුතුකම් මොනවාදැයි නිශ්චය කොට ඒවා ප්‍රකාශයට පත්කොට බලාත්මක කිරීමයි. අනෙක්‌ අතට බේරුම් කිරීමේ කාර්යයේදී සිදුවන්නේ බේරුම්කරුවාගේ අදහසේ හැටියට පාර්ශ්වකරුවන් අතර අෙන්‍යාන්‍යව පැවතිය යුතු යුතුකම් හා අයිතිවාසිකම් මොනවාදැයි නිශ්චය කොට ප්‍රකාශ කිරීමයි. අල්ලස්‌ උසාවියක්‌ විසින් අල්ලස්‌ චෝදනාවක්‌ සත්‍යදැයි නිරාකරණය කිරීම පිණිස පරීක්‍ෂණයක්‌ පවත්වන විට සහ අවසාන නිගමනයකට එළඹෙන විටදී සිදුකෙරෙන්නේ බේරුම් කිරීමේ කාර්යය පමණයි. බේරුම් කිරීමේ කාර්යය ව්‍යවස්‌ථාදායකයේ කාර්යය උපාංගයක්‌ පමණකි. මේ නිසා අල්ලස්‌ උසාවියකට විභාගයක්‌ පවත්වා චූදිතයකු වරදකරු බව තීන්දු කළ හැකිය. අනෙක්‌ අතට දඩයක්‌ හෝ සිරදඬුවමක්‌ නියම කිරීමට අල්ලස්‌ උසාවිය සතුවන අධිකාරිය අධිකරණ බලයකි. මේ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පත්කොට නොමැති අල්ලස්‌ උසාවිවල සභාපතිවරුන් විසින් නියම කරනු ලබන දඬුවම ශුන්‍ය වන්නේය. එහෙත් කිසියම් චූදිතයකුට විරුද්ධව විභාගයක්‌ පවත්වා ඔහු වරදකරු කර ඇත්නම් එම තීන්දුව වලංගු එකක්‌ වන්නේය. ඉහත සඳහන් පරිදි සේනාධීර නඩුවේදී දෙන ලද තීන්දුව දෝෂ සහගත බව 1962 දී තීන්දුව දෙන ලද පියදාස ඒ. අල්ලස්‌ කොමසාරිsස්‌ නඩුවේදීත් තම්බයියා විනිශ්චකාරවරයා පැවසීය. උගත් විනිශ්චයකාරවරයා විසින් පැවසූ ලෙසට නඩු තීන්දුවක්‌ දඬුවමක්‌ මගින් හෝ වෙනත් නියෝගයක්‌ මගින් බලාත්මක කිරීම අධිකරණ කාර්යයේ අත්‍යවශ්‍ය අංගයක්‌ නොවන බව ඕස්‌ටේ්‍රලියාවේ මෙන්ම ඇමෙරිකානු එක්‌සත් ජනපදයේ පිළිගෙන තිබිණි. මේ නිසා අල්ලස්‌ උසාවියක්‌ තම තීන්දුව බලාත්මක කරන විටදී පමණක්‌ නොව එවැනි තීන්දුවකට එළඹීම පිණිස පරීක්‍ෂණයක්‌ පවත්වද්දී පවා "අධිකරණ බලය" පාවිච්චි කරන බව තම්බයියා විනිශ්චයකාරවරයා විසින් ඉතා නිවැරදිව පෙන්වා දුන්නේය.

අල්ලස්‌ පනතේ දෙවන කොටසේ සඳහන් වන අල්ලස්‌ වරදවල් සම්බන්ධයෙන් අධිකරණ බලය එම පනතට පෙරාතුව පාවිච්චි කර තිබුණේ උසාවි මගින් මෙම නඩුවේ තීන්දුවට තදින් බලපාන සාධකයකි. කලින් සාමාන්‍ය උසාවි සතුව තිබූ අධිකරණ බලය අලුතින් නිර්මිත අල්ලස්‌ උසාවිවලට පවරාදීම නිසා අල්ලස්‌ වරද සම්බන්ධයෙන් සාමාන්‍ය උසාවි සතුව තිබූ බලය බොහෝ සෙයින් සීමාවී ගිය බව පෙන්වා දුන් තම්බයියා විනිශ්චයකාරවරයා අල්ලස්‌ උසාවි අධිකරණ සේවා කොමිෂන් සභාවේ පත් නොකරනු ලබන්නේනම් ඒවාට කිසිම පරීක්‍ෂණ කටයුත්තක්‌ කිරීමේ අධිකාරයක්‌ නැති බව තීන්දු කළේය. රණසිංහ ඒ. අල්ලස්‌ කොමසාරිස්‌ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම්බයියා විනිශ්චයකාරවරයාගේ මතය අනුමත කරන ලද අතර එම නඩුව රාජාධිකරණය ඉදිරියට පත්වූ විට මේ අදහසට රාජාධිකරණයේ අනුමතයද හිමිවිය.

වෝකර් ඒ. ෆියි නමැති නඩුවේදී බහුතර මතය වූයේ බේරුම්කරුවකු සහ කාර්මික උසාවියක්‌ එය වෙත යොමුකරන ලද ආරාවුලක්‌ බේරුම් කරන විට බේරුම් කිරීමේ කාර්යයක්‌ මිස අධිකරණ කාර්යයක්‌ ඉෂ්ඨ නොකරන මුත් කම්කරු උසාවියක්‌ වෙත සේවකයකු විසින් ඉදිරිපත් කරන ඉල්ලුම් පතක්‌ සම්බන්ධයෙන් කටයුතු කරන විටදී "අධිකරණ බලය" පාවිච්චි කරන බවය. මේ සඳහා මුල් වූයේ 1950 අංක. 42 දරන කාර්මික ආරාවුල් පනත සහ 1957 අංක 62 දරන සංශෝධන පනතයි.

ලියනගේ ඒ. රැජින නඩුවේදී රාජාධිකරණය ප්‍රකාශ කළ පරිදි ව්‍යවස්‌ථාදායකය හෝ විධායකය විසින් උදුරාගත නොහැකි හෝ උල්ලංඝනය කළ නොහැකි පරිදි අධිකරණ බලය අධිකරණය තුළ පතිත වී පැවතියේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ නොකොට පවතින තුරු මෙම අධිකරණ බලය අනන්‍ය ලෙස අධිකරණය තුළ පවතින බව පවසන ලදී.

ලියනගේ නඩුවේ සිද්ධිය මෙසේය. අසාර්ථක වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ 1962 ජනවාරි මාසයේදී සිදුවිය. එම කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව නඩු විභාගයක්‌ පවත්වා සෑහෙන පමණින් දඬුවම් පැමිණවීමට එවකට පැවති දණ්‌ඩ නීතියද සාක්‍ෂ්‍ය සහ අපරාධ නඩු විධාන නීතියද ප්‍රමාණවත් නොවන බව ආණ්‌ඩුවට පෙනී ගියේය. මේ නිසා 1962 අංක . 1 දරන අපරාධ නීතිය (විශේෂ විධිවිධාන) පනත පනවන ලදී. පසුව 1962 අංක. 31 දරන පනතින් එම පනත සංශෝධනය කරන ලදී. මෙහිදී විනිශ්චය මණ්‌ඩලය නම් කිරීමේ බලය 1962 අංක. 1 දරන පනතින් ඇමැතිවරයාට පවරා දෙන ලද අතර එසේ නම් කරන ලද විනිශ්චය මණ්‌ඩලය රැස්‌වී තීන්දු කළේ එම නම් කිරීම විධායකය විසින් අධිකරණ බලය පාවිච්චි කිරීමක්‌ බවය. පසුව 1962 අංක. 31 දරන පනත මගින් මුල් පනත සංශෝධනය කොට ඇමැතිවරයා සතු පත්කිරීමේ බලය ඉවත් කරන ලද අතර අග්‍ර විනිශ්චයකාරවරයා විසින් නම් කරන ලද විනිශ්චය මණ්‌ඩලයක්‌ විසින් නඩු විභාගය පවත්වන ලදී. චූදිතයන් විසි හතර දෙනා අතුරෙන් එකොළොස්‌ දෙනකු වරදකරුවන් බව තීන්දු කළ ශේ්‍රෂ්ඨාධිකරණය ඔවුන් කෙරෙහි පැමිණවිය හැකි අඩුම දඬුවම වූ අවුරුදු 10 ක සිර දඬුවම සහ අනිවාර්යය දේපළ රාජසන්තකය නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව ලියනගේ ඇතුළු වරදකරුවන් එකොළොස්‌දෙනා රාජාධිකරණයට කළා වූ අභියාචනයේදී මූලික කොට විසඳිය යුතු වූ ප්‍රශ්නය නම් ප්‍රශ්නගත පනත් පැනවීමේ බලය පාර්ලිමේන්තුව සතුවීද යන්නයි. එම පනත් වලංගුව පනවා නැතිනම් චූදිතයන් නිදහස්‌ කළ යුතුය යන්න අභියාචකයන් මෙන්ම වගඋත්තරකාර අභිචෝදක පක්‍ෂයද පිළිගත්තේය. ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව දෝෂ සහගත බවද එම තීන්දුව සනාථ කිරීමෙහිලා සමත් බලතල බෙදීමක්‌ නොමැති බවද සොලිස්‌ටර් ජෙනරාල්වරයා රාජාධිකරණය ඉදිරියේ දක්‌වා සිටියේය. මේ තර්කය ප්‍රතික්‌ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව නිවැරදි බව පැවසූ රාජාධිකරණය මෙසේද පැවසීය. "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පවතින තුරු ව්‍යවස්‌ථාදායකය විසින් උදුරාගත නොහැකි හා උල්ලංඝනය කළ නොහැකි බලයක්‌ අධිකරණය තුළ ඇත්තේය."

ලියනගේ නඩු තීන්දු දෙක දෙස විමසුම් ලෙස බලන කල පැහැදිලි වන ප්‍රධානම කරුණ නම් මෙම නඩු දෙකේදී ප්‍රධාන ප්‍රශ්නය වී තිබුණේ අධිකරණ බලය අධිකරණය පමණක්‌ සතුව තිබුණේද යන්නයි. ඉහතින් දැක්‌වූ "අධිකරණ බලය" පිළිබඳ ප්‍රසිද්ධ නඩු මාලාවේදී පරිපාලන නිලධාරීන්ට අධිකරණ බලය පාවිච්චි කළ නොහැකි බවද, විධායකය හෝ ව්‍යවස්‌ථාදායකය විසින් අධිකරණයට ඇඟිලි නොගැසිය යුතු බවද ඉතා ප්‍රබල ලෙස තීරණය කරන්නට යෙදිණි. ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නීතිය ගැන වෙනත් රටවල උද්යෝගයක්‌ ඇති වූවානම් එසේ සිදු වූයේ අල්ලස්‌ කොමසාරිස්‌ ඒ. රණසිංහ සහ ලියනගේ ඒ. රැජින වැනි නඩුවලිනි.

සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් පනවා ඇති යම් පනතක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව පනවා ඇත්දැයි විමසා බැලීමේ බලය අධිකරණය සතුවූ බව මෙම පරිච්ඡේදයේ දැක්‌වූ කරුණු මත පැහැදිලි වේ. අධිකරණය සතු මෙම විමර්ශන බලය නිසා සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පවතින පාර්ලිමේන්තුවක්‌ විසින් පනවනු ලබන පනතක වලංගුභාවය අවසාන වශයෙන් නිශ්චය කරනු ලැබුයේ අධිකරණය මගිනි. වෙනත් වචන වලින් කියනවා නම් පාර්ලිමේන්තුව තම ව්‍යවස්‌ථාදායක බලය පාවිච්චි කොට පනතක්‌ පැනවූ පසු එම පනත අවලංගු කිරීමේ බලය අධිකරණය සතු කරගන්නට යෙදුණු බවයි.

1962 හමුදා කුමන්ත්‍රණය

1962 ජනවාරි 27 රාත්‍රිය

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජය පෙරලා දැමීමට හමුදා සහ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කළ කුමන්ත්‍රණය ව්‍යර්ථ විය.

2010 ජනවාරි 27 සවස

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජය පෙරලීමට කුමන්ත්‍රණයක්‌ සැලසුම් කර ඇතැයි රජය පැවැසීය.

1962 වසරේදී එවකට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දැමීමට හමුදා සහ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ දැරූ කුමන්ත්‍රණය මුළුමනින්ම ව්‍යර්ථ විය.

මෙම වසරේ ජනවාරි 26 වැනිදා සවස අගමැතිනිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කොළඹ සිට කතරගම බලා යැමට නියමිත වුවත් ඇය එම සංචාරයේ යෙදුනේ නැත. බණ්‌ඩාරනායක මැතිනියගේ රජය පෙරලීමේ මෙහෙයුම නම් කර තිබුණේ ඔපරේෂන් හෝල්ඩ්පාස්‌ට්‌ යනුවෙනි. මෙකී කුමන්ත්‍රණයට අනුව අගමැතිනිය, ඇමැතිවරු, පාර්ලිමේන්තු ලේකම්, හමුදාපති, පොලිස්‌පති, රහස්‌ පොලිසියේ අධ්‍යක්‍ෂ ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් රැසක්‌ අත්අඩංගුවට ගෙන හමුදා මූලස්‌ථානයට ගෙන ඒමට නියමිත විය.

කුමන්ත්‍රණකරුවන්ගේ මුල්ම පියවර වූයේ කුමන්ත්‍රණය දියත්වී මොහොතක්‌ තුළ ශබ්ද විකාශනවලින් සමන්විත පොලිස්‌ මොටර් රථ මගින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමයි. එසේම රජයේ විදුලිසංදේශ සේවාව අක්‍රිය කිරීමට ද නියමිත විය. ගුවන් විදුලි සේවාව හා වෙනත් ප්‍රධාන කේJද්‍රස්‌ථාන තම පාලනයට ගැනීමට ද ඔව්හු සැලසුම් කර තිබිණි.

මෙම කුමන්ත්‍රණකරුවෝ තම කුමන්ත්‍රණයේ සියලු කටයුතු පිළිබඳ අවසාන තීරණය ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඒකරාශිවෙද්දී අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නිවසට රාත්‍රියේම සම්ප්‍රාප්ත වූයේ ඇගේ ඥතියකු වූ ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක සහ රහස්‌ පොලිසියේ අධ්‍යක්‍ෂ එස්‌. ඒ. දිසානායක හා පොලිස්‌ අධිකාරි ජෝන් ආටිගලයි.

මෙහිදී අගමැතිනිය වෙත රහස්‌ තොරතුරු එළිදක්‌වමින් මෙම ත්‍රිපුද්ගල කණ්‌ඩායම කියා සිටියේ යුද නාවික හා පොලිසියේ යම් පාර්ශ්වයන් රජය පෙරලීමට කුමන්ත්‍රණය කරන බවයි.

මේ සම්බන්ධයෙන් තමන් පොලිස්‌පති ඩබ්ලිව්. විඡේකෝන් වෙත දැනුම් දුන් නමුත් ඇතිවී තිබෙන බරපතල තත්ත්වය නිසා ආරක්‍ෂක කටයුතු භාර අමාත්‍ය ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා වෙත තොරතුරු හෙළිකළ බවද පොලිස්‌ නිලධාරීන් දෙදෙනා කියා සිටියහ.

මේ නිසා කඩිනමින් ක්‍රියා කළ යුතු යෑයි ඔව්හු කියා සිටියහ.

මෙකී කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළිකරනු ලැබූවේ කොළඹ පොලිස්‌ අධිකාරි ස්‌ටැන්ලි සේනානායකයි. පසුව ඔහු පොලිස්‌පති ධුරයට පත් විය.

කුමන්ත්‍රණකරුවන්ට වැරදුනේ ඔවුන් ස්‌ටැන්ලි සේනානායක තමන්ට පක්‍ෂපාති යෑයි විශ්වාස කළ නිසාය. එහෙත් ස්‌ටැන්ලි සේනානායක තම මාමණ්‌ඩිය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම් පී. ද එස්‌. කුලරත්න වෙත මේ බව දැනුම් දුන්නේය.

කුලරත්න මේ තොරතුරු රහස්‌ පොලිසියට දන්වා ඇත.

මෙකී තොරතුරු ඇසීමෙන් අගමැතිනිය බලවත්සේ කැලඹීමට පත් වූවාය. මේ නිසා ඇගේ උපදෙස්‌ මත යුද හමුදාපති මේජර් ජනරාල් ජෙරාඩ්

විඡේකෝන්, කොමදෝරු රාජන් කදිරගාමර්, ගුවන් කොමදෝරු ජෝන් බාකර් සහ පොලිස්‌පති ඩබ්ලිව්. විඡේකෝන් යන නිලධාරින්ට වහාම අරලියගහ මැඳුරට එන්නැයි ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා නියෝග කළේය.

අරලියගහ මැඳුරේ පැවැති සාකච්ඡාවේදී පොලිස්‌ අධිකාරි ස්‌ටැන්ලි සේනානායක විසින් සියලු රහස්‌ තොරතුරු අනාවරණය කෙරිණි. මේ සමගම කුමන්ත්‍රණය සැලසුම් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යටතේ සිටි කනිෂ්ට නිලධාරීන්ව අරලියගහ මැඳුරට කැඳවූ ෆීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා රහස්‌ පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය. මෙහිදී අනාවරණය වූයේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා කර්නල් පෙට්‌රික්‌ ද සේරම් බවයි. ඔහු හිටපු අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ ඥතියෙකි.

මෙම කුමන්ත්‍රණයට යුද හමුදාවේ දෙවැනියා වූ කර්නල් මොරිස්‌ ද මැල්, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. සී. දිසානායක (රහස්‌ පොලිස්‌ අධ්‍යක්‍ෂ එස්‌. ඒ. දිසානායකගේ සොහොයුරා) නියෝජ්‍ය පොලිස්‌පති සිඩ්නි ද සොයිසා සහ ඉඩම් සංවර්ධන අධ්‍යක්‍ෂ ඩග්ලස්‌ ලියනගේ යන පිරිස සම්බන්ධවී ඇතැයි හෙළිවිය.

මේ වන විට පොලිස්‌ මූලස්‌ථානයේ රාත්‍රි කටයුතු භාර ප්‍රධාන සහකාර පොලිස්‌ අධිකාරි වී. ටී. ඩික්‌මන් ඉවත් කර කුමන්ත්‍රණයට සම්බන්ධ නිලධාරියකු අනුයුක්‌ත කර තිබූ බවද අරලියගහ මැඳුරට වාර්තා විය.

මෙම අවස්‌ථාවේ අරලියගහ මැඳුරේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාවේ අභ්‍යන්තර ආරක්‍ෂක බලමුළුව යොදවනු ලැබීය. ඒ සමගම දිසානායක කර්නල් මොරිස්‌ ද මැල්, කොළඹ සහකාර පොලිස්‌ අධිකාරි බෙඩි ජෝන් පිල්ලේ, රියර් අද්මිරාල් රොයිස්‌ ද මැල් ඇතුළු කුමන්ත්‍රණකරුවන් 31 ක්‌ අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිනිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නියෝග කළාය.

රජය පෙරලා දැමීමට උත්සාහ කළ අයගෙන් 26 ක්‌ ක්‍රිස්‌තියානි ලබ්ධිකයන්ය. 12 සිංහලයන්, ද්‍රවිඩයන් හයක්‌ හා බර්ගර් ජාතිකයන් හයක්‌ ද ඒ අතර විය.

කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පැවැති නඩු විභාගයේදී ජී. ජී. පොන්නම්බලම් එම්. ඩබ්ලිව්. ජයවර්ධන සහ එස්‌. ඡේ. කදිරගාමර් වැනි ප්‍රසිද්ධ නීතිවේදීහු පෙනී සිටියහ.

මෙහිදී කර්නල් එස්‌. ඩී. ද සේරම් සියලු වගකීම් තමා දරණ බව පවසමින් පාපොච්චාරණයක්‌ කරනු ලැබීය.

රජය මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා 1962 වසරේ අපරාධ නීති විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක්‌ ගෙන ඒමට ක්‍රියා කළේය.

එහෙත් ව්‍යවස්‌ථානුකූලව එකී පනත මත ක්‍රියාකිරීමට නොහැකි යෑයි විනිසුරුවරුන් කියා සිටියහ. 1963 ජුනි 3 වැනිදා සිට දින 324 ක්‌ තිස්‌සේ මෙකී කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නඩු විභාග පැවැත්වූහ. මෙහිදී කර්නල් එස්‌. සී. ද සේරම්, කර්නල් මොරිස්‌ ද මැල්, රියර් අද්මිරාල් රෝයිස්‌ ද මෙල්, සී. සී. දිසානායක සහ ඩග්ලස්‌ ලියනගේ ඇතුළු 11 ක්‌ වරදකරුවන්වී දස වසරක සිර දඬුවමක්‌ හා දේපල රාජසන්තක කිරීමටද නියම විය.

මෙම නඩු විභාගයේදී ඇතැම් සාක්‍ෂිකරුවන් පැවැසුවේ හිටපු අගමැතිවරුන්ගෙන් යුත් නව රජයක්‌ පිහිටුවීමට කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළ බවයි. මෙම චෝදනාව ආණ්‌ඩුකාර ඔලිවර් ගුණතිලකට ද එල්ල විය. ඔහු ආණ්‌ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්‌වී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියේය.

1962 ජනවාරි 27 වැනිදා රාත්‍රියේ කුමන්ත්‍රණය දියත් කිරීමට නියමිතව සිටි හමුදා නිලධාරීන් පිරිස මෙසේය.

යුද හමුදාව

කර්නල් එස්‌. සී. ද සේරම් - අණදෙන නිලධාරි කාලතුවක්‌කු බලකාය, කර්නල් මොරිස්‌ ද මැල් - අණදෙන නිලධාරි - ස්‌වේච්ඡා බලකාය, රියර් අද්මිරාල් රොයිස්‌ද මෙල් (විශ්‍රාමික), ලුතිනන් කර්නල් විල්මට්‌ එබ්‍රහම්ස්‌ය. - අණදෙන නිලධාරි 3 වැනි කාලතුවක්‌කු ඒකකය., ලුතිනන් කර්නල් ඡේ. එච්. වී. අල්විස්‌ අණදෙන නිලධාරි ස්‌වේච්ඡා ඉංජිනේරු බලකාය, ලුතිනන් කර්නල් බැසිල් ඡේසුදාසන් - අණදෙන නිලධාරි සංඥ බලකාය., ලුතිනන් කර්නල් නොයෙල් මතායස්‌ අණදෙන නිලධාරි විදුලි හා යාන්ත්‍රික ඒකකය., මේජර් බී. අයි. ලොයලා කාලතුවක්‌කු ඒකකය, මේජර් ඩබ්ලිව්. ජි. වයිට්‌ කාලතුවක්‌කු ඒකකය, මේජර් වික්‌ටර් ජෝශප් කාර්යභාර නිලධාරි සන්නද්ධ බලකාය, කපිතන් ඡේ. ඒ. ආර්. පිලිප්ස්‌ ස්‌වේච්ඡා බලකාය, කපිතන් නිමල් ජයකොඩි කාලතුවක්‌කු ඒකකය, කපිතන් ටෝනි ඇන්ගි කාලතුවක්‌කු ඒකකය, කපිතන් දොන් වීරසිංහ කාලතුවක්‌කු ඒකකය.

පොලිසිය

සී. සී. එංගල් දිසානායක, නියෝජ්‍ය පොලිස්‌පති, සිඩ්නි ද සොයිසා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති, වී. ඊ. පෙරේරා පොලිස්‌ අධිකාරි, ඩබ්ලිව්. ජෙබනායම්, පොලිස්‌ අධිකාරි, කොලින් වාස්‌ ඩෙෆ් රයිසන් සහකාර පොලිස්‌ අධිකාරි, ටෙඩි ජෝන්පිල්ලේ සහකාර පොලිස්‌ අධිකාරි රථවාහන, ටෙරි පී. විඡේසිංහ සහකාර පොලිස්‌ අධිකාරි, ලයනල් ජිරසිංහ සහකාර පොලිස්‌ අධිකාරි

සිවිල් අංශය

ඩග්ලස්‌ ලියනගේ අධ්‍යක්‍ෂක ඉඩම් සංවර්ධන,

කෙසේ වෙතත් වරදකරුවන් වූ පිරිස තමන්ට පැනවූ දඬුවමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය වෙත අභියාචනා කළහ.

එහිදී සියල්ල නිදහස්‌ විය. පසු කලෙක පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු වූයේ ඩග්ලස්‌ ලියනගේය.