Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label 13 වැනි සංශෝධනය. Show all posts
Showing posts with label 13 වැනි සංශෝධනය. Show all posts

Thursday, 18 April 2013

13 වැනි සංශෝධනය

1987 ජුලි 29 වන දින ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව එළැඹි කාලය පුරා මෙරට දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින්ම සඳහන් වූයේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවයි. ඒ එම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් මෙරට බෙදා වෙන් වෙන බවට එල්ල වූ චෝදනාව හේතුවෙනි. 

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර කාලය තුළ දී එවකට මෙරට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ද 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය බඳු වූ ව්‍යවස්‌ථා සංශෝධනයකට එරෙහි වුවත් ඉන්දියානු බලපෑම මධ්‍යයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව සිය ස්‌ථාවරය වෙනස්‌ කරමින් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින ස්‌ථාවරය දක්‌වා සිය ස්‌ථාවරය වෙනස්‌ කළහ. එසේ වුවත් මෙරට බහුතර ජනතාව පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්‌ථාවරයේ දිගින් දිගටම පසු විය. නමුත් මෙරට ක්‍රියාත්මක සමහර දේශපාලන පක්‌ෂ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන සටන් පාඨය අත්හැර දැමීම සහ සිය දේශපාලන න්‍යාය පත්‍රයේ පළාත් සභා අහෝසි කිරීම යන කාරණයට ප්‍රමුඛස්‌ථානයක්‌ ලබා නොදීම නිසා පසුගිය කාලය පුරා ඒ පිළිබඳව පැවතියේ අඩු අවධානයකි.

එහෙත් පසුගියදා ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා 13 වන සංශෝධනය අහෝසි කළ යුතුය යනුවෙන් ප්‍රකාශයක්‌ කිරීමත් සමගම සියලු පාර්ශ්වයන්ගේ අවධානය 13 වන සංශෝධනය වෙත එල්ල වී ඇත. ආරක්‍ෂක ලේකම්තුමාගේ ප්‍රකාශයත් සමගම පසුගිය කාලය තුළ පළාත් සභා අනුමත කළ පාර්ශ්වයන් කිහිපයක්‌ ද 13 සංශෝධනය අහෝසි කළ යුතුය යන අදහස ඉදිරිපත් කර ඇතත්, ඔවුන් දේශපාලන අවස්‌ථාවාදීන් වන බවද සඳහන් කළ හැක. එසේ වූවත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතුය යන ස්‌ථාවරයේ දිගින් දිගටම පසු වූ ඒ වෙනුවෙන් අඛණ්‌ඩව කටයුතු කළ පාර්ශ්වයන්ද ඒ අතර සිටින බව සඳහන් කළ හැක.

කෙසේ වුවත් දීර්ඝ කාලයක්‌ පුරා අළුයට සැඟවුණු ගිනි පුපුරක්‌ මෙන් යටපත් වී පැවති පළාත් සභා අහෝසි කළ යුතුය යන අදහස යළිත් ඉස්‌මතු වුයේ දෙමළ ජාතික සංධානය උතුර සහ නැගෙනහිර පළාත් සභාවන් ඒකාබද්ධ කළ යුතු බවත් එම පළාත් සභාවත් සඳහා ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදිය යුතුය යන යෝජනා ඉදිරිපත් කිරීම සහ "දිවි නැඟුම" පනතට එරෙහි වීම යන කරුණු කාරණා නිසා බව පැහැදිලිය. නමුත් එම කරුණු මත පදනම් වෙමින් 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතුය යන අදහස්‌ මෙන්ම විවිධ අදහස්‌ ඉදිරිපත් කරමින් 13 වන සංශෝධනය ආරක්‌ෂා කළ යුතුය යන අදහස්‌ද ඉදිරිපත් වී ඇත.